Kantaka Chetiya (Stupa)
Address | Old Rd, Mihintale, Sri Lanka |
Hours | 00:00-24:00 |
Categories | Buddhist Temple, Archaeological Site, Ruin |
Rating | 4.8 13 reviews |
Similar companies nearby Samadhi Maha Viharaya — AB23, Anuradhapura Mihintale Buddha Statue — Mihintale Sela Cetiya — Mihintale |
Kantaka Chetiya (Stupa) reviews
13 Kantaka chetiya was earlier known as Kiribath vehera. Though it is unknown that who built this chetiya, it is believed to be built by king Lanjatissa.
It is situated in just near Mihintalaya temple vehicle park.
This ancient and historical stupa is located in Mihinthale, Anuradhapura of Sri Lanka. Kantaka chethiya is a circular stupa having a base circumstance of about 425 feets. It has three stepped rims.
It is unknown who built this stupa but it is said that the King Lajjathissa has built a stone mantel built for this Stupa.
Not many people will exert the effort to climb to the Kantaka stupa in Mihinthale. But you will not regret it once you go there.
කණඨක චේතිය
මෙය සුරතිස්ස රජතුමා විසින් කරවන්නට ඇති බව විශ්වාස කෙරේ. එහි පේසාවළලු සහ ඉදිරි කොටස සෑහෙන තරම් තවමත් ඉතිරිව පවතී. එය බහිරව රූප හා ඇත් රූප වලින් අලංකාරව ඇත. ස්ථූපය අඩි 425.5 යුක්තය. එහි අඩි 40 ක් පමණ උස් වූ ස්ථූපයක නටඹුන් දැකිය හැක. භික්ෂුන් වහන්සේලා මෙම ස්ථූපයට ආසන්නයේ ඇති ගල් ගුහා වල වෙසෙන්නට ඇත. මෙම ස්ථූපය කරවා ඇත්තේ “ලජ්ජිතිස්ස” රජතුමා විසින් බැවින් එය අයත් වන්නේ පලමු බුද්ධ ශතවර්ශයටය බව සැකයක් නැත.
This is a Masterpiece of Sri Lankan architecture. The carvings of The Vahalkada's of Kantaka Chethiya stupa is unique and it shows the multicultural relationship Sri lanka had since it's ancient days.
Kantaka Chethiya was renovated in 1930’s to the current status. When this stupa was discovered, it has been a just a mound of earth covered by various debris. This has been known as the Kiribadapavu Dagaba, Kiribat Vehera, or Giribhanda during this time. But a stone inscription found close by has identified the original name of this stupa as Kantaka Chethiya.
කන්ථක අස්සයා මැරුණ ස්ථානය හමුවී ලංකාවේ පුරාවිද්‍යාව කැළඹේ. මිහින්තලය පුද බිමේ ඇති කණ්ටක චෛත්‍ය බහුතරයක් නිතර කතා නොකරන, බහුතරයකගේ විශේෂ අවධානයට යොමු නොවුණු ස්තූපයකි. මිහින්තලයේ තැන තැන කඳු මුදුන් වල චෛත්‍යයන් හි නටබුන් දිස් වෙයි. කණ්ටක සෑය ද ඇත්තේ එවන් වූ කඳු මෙවුලක් මතය.
මෙම කඳු ගැටය ‘කිරිබඩ පව් දා ගැබ’ ‘කිරිබත්වෙහෙර’, ගිරිභණ්ඩ’ යන නම් වලින් ව්‍යවහාරයේ ප්‍රසිද්ධ විය.
දැනට අප දකින දා ගැබින් තවමත් ආරක්‍ෂා වී ඇති ප්‍රමාණය හෙළි කර ගැනීම සඳහා විශාල සුන්බුන් රාශියක් ඉවත් කර ගැනීමට සිදු විය. දා ගැබෙහි හතරැස් මළුව හෙළි කර ගැනීමට අඩි 30 ක් පමණ ගැඹුරට කැණීම් කිරීමට සිදුවීමෙන් හැඟෙන්නේ පස් තට්ටුවේ තරම කොතරම් නම් උසකට පවතින්නට ඇති ද යන්නය.
එහිදී දාගැබෙහි පහළ කොටසත් මළුවට සම්බන්ධ වූ එක පිට එක තනා තිබුණු පේසා වළලු තුනත් වාහල් කඩ හතරත් පාදා ගැනීමට සමත්විය. ලංකාවේ වෙනත් පැරැණි ස්තූපයක වුවද දකින්නට නොමැති තරම් හොඳින් මෙම වාහල්කඩ දෙකකුත් පේසා වළලු තුනකුත් ආරක්‍ෂා වී තිබිණ. මෙය අනුරාධපුරයේ සුවිසල් දාගැබ් හා සැසඳීය නොහැකි වුවද කණ්ටක චේතිය සැලකිය යුතු විශාලත්වයකින් යුතු විය. එහි පාදමේ වට ප්‍රමාණය අඩි 425 ක් පමණ වූ බවත් එය කැඩී බිඳී තිබියදී පවා සෑයේ උස අඩි 40 ක් පමණ වූ බවද පැවැසෙයි.
මෙම ස්තූපය අසල තිබී ගල් සන්නසක්ද හමුවිය. එය පළමුවන සියවසට අයත් බව පුරාවිද්‍යාඥයින් විසින් නිගමනය කරන ලදී. එහි කණ්ටක චේතියට පූජා කළ දේ ගැන සඳහන් වේ. සෙල් ලිපියකින් විස්තර කෙරෙන පූජාවන් ඒ සන්නස අසල ඇති ස්තූපයට කරන ලද පූජා වශයෙන් සැලකීම ඉතා සාධාරණ බැවින් යථෝක්ත සෙල් ලිපිය අසල ඇති නටබුන් කණ්ටක චේතියේම නටබුන් ලෙස පිළිගැනීමට සිදුවන බව පුරාවිද්‍යාඥයින්ගේ නිගමනය විය. ඒ අනුව එදා “කිරිබඩපවු දා ගැබ” නොහොත් කිරිබත් වෙහෙරෙහි නියම නම කණ්ටකචේතිය නොහොත් කණ්ටකචෛත්‍ය බව සැකහැර නිගමනය කෙරිණ.
දේවානම්පියතිස්ස නිරිදානන් (ක්‍රි. පූ. 250 –210) ගල් ගුහා අටසැටක් පිහිටුවීමේ කාර්ය ඇරඹියේ යැයි මහාවංශයේ සඳහන් වෙයි. බ්‍රාහ්මී අක්‍ෂරයෙන් කෙටූ ලිපි සහිත ගල්ලෙන් ගනනාවක් ඇත්තේ මෙම ස්තුපය සමීපයේය. කණ්ටක චෛත්‍ය කවුරුන් විසින් කරන ලද්දේදැයි නිශ්චිතවම තහවුරු කර ගැනීමට සමත් සාක්‍ෂි හමුවී නොමැත. එහෙත් ලජ්ජතිස්ස රජු මෙම සෑයට ගල් කඤ්චුකයක් තැනවූ බව මහාවංශය සඳහන් කරයි. ඒ අනුව සෙනරත් පරණවිතාණයන් පවසන්නේ මෙම දාගැබ ක්‍රි. පූර්ව පළමුවැනි සියවසට පෙර ඉදි කරන ලද්දක් බවය. ඒ අනුව මෙය දිවයිනේ ප්‍රථම ආගමික සිද්ධස්ථාන කීපයෙන් එකක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. මේ අනුව පෙනී යන්නේ කණ්ටක චෛත්‍ය බෞද්ධ සිද්ධස්ථාන අතර ඉතා සැලකිය යුතු පුරාවිද්‍යා ස්මාරකයක් බවය. මෙය තනා ඇත්තේ ගඩොලින් සහ හුණු ගලෙනි.
සතර දිශාවට මුහුණලා ඇති ප්‍රක්ෂේප හතරක් චෛත්‍යයේ ඇති අතර ඉන් දෙකක් හොඳින් ආරක්ෂා වී තිබිණ. මේවා හඳුන්වන්නේ වාහල්කඩ නමිනි.
චෛත්‍යයක වාහල්කඩ නිර්මාණය කර ඇත්තේ කුමණ කාර්යක් වෙනුවෙන් දැයි තවම හෙළි වී නොමැති බව පරණවිතාන මහතා පවසයි.
මෙහි ඇති වාහල්කඩ හි වන කලාත්මක ස්වරූපය සුවිශේෂිතය. ඒවා විචිත්‍ර කැටයමින් නිර්මිතය. මෙය අනුරාධපුරයේ ඇති චෛත්‍යයන්හි වාහල්කඩට වඩා විචිත්‍රවත් බව පැවැසෙයි.
බිත්ති හිස පිහිටි ඉහළම ලී ස්තරයට යටින් ඇත්තේ ගණ (වාමන) රූ පෙළකි. එයට යටින් හංස රූ පෙළකි. ගල් ඇල්ලූ කොටසට ඉහළින් ඇති ගඩොල් බැම්මේ බිත්තිකණූ ඇත. දේවතා පිළිම සෑම නැම්මකම අඹා ඇත. මෙම වාහල්කඩ එදා වර්ණා ලේපිත කර තිබුනූ බවට සාධක හමුවෙයි.
ඉහත කී ගණ රූපයන් ඉතා සිත් ගන්නා සුළුය. එහි නිරූපිත වාමනයන්ගෙන් සමහරු සංගීත භාණ්ඩ වාදනය කරති. තවකෙක් නාගයකු සමග ක්‍රීඩා කරයි. ඇතැමෙක් හිසින් සිටිති. ඔවුන් සැම දෙනා ඉතා සජීවි ඉරියව්වෙන් නෙළා ඇත.
ඔවුන්ට ඇත්තේ සත්ව හිස්ය. ඒ අතර අශ්ව, වල්, ඌරු, වානර හිස් දිස්වෙයි. වාහල්කඩ දෙපස කැටයම් කළ ගල් කණුඅතර මල්කම්, ලියකම්, මිනිස්, සිව්පා පක්‍ෂී ආදි රූ වලින් අලංකාර කර තිබේ. නැගෙනහර වාහල්කඩෙහි ගල්කණු මත ඇත් රූප ද උතුරේ සිංහ රූප ද බස්නාහිරෙහි අශ්ව රූ ද දකුණේ ගොන් රූ ද නිමවා ඇත. මෙම නිර්මාණයන් ඉතාමත් පැරැණි ය. එහෙත් විචිත්‍රවත් ය. පැරැණි නිර්මාණකලාවන් හදාරන්නන්ට මෙය සුවිශේෂී ස්ථානයකි. ලංකාවේ බෞද්ධ වාස්තු විද්‍යා නිර්මාණයේ විශේෂතා හැදෑරීමට අවැසි බොහෝ විශේෂාංග මෙම කණ්ටක චෛත්‍යයේ වාහල්කඩ මත දිස් වෙයි.
මෙම අපූරු වූ නිර්මාණය කර ඇත්තේ පසුව බුද්ධත්වයට පැමිණි සිද්ධාර්ථ කුමාරයාගේ අශ්වයා සිහි කිරීමට විය හැකි බව සෙනරත් පරණ විතාන පවසයි. එය එසේනම් කණ්ටක චෛත්‍යය සැමරුම් ඉතිහාසයේ අපූරු වු ඉදිකිරීමකි. පසු කලෙක ලංකාව පුරා ගොඩනැගුණූ චෛත්‍ය වාහල්කඩ මෙම කණ්ටක චෛත්‍ය නිර්මාණයේ ආභාශය ගන්නට තරම් පෙළඹීමෙන් හැඟෙන්නේ මෙය වාහල්කඩ නිමැවුමට අපූර්වත්වයෙන් පිරි චමත්කාරයන් ප්‍රදානය කර ඇති බවයි. එසේම බොහෝ දෙනාගේ අවධානයට යොමු නොවූවද මිහින්තලේ කණ්ටක චෛත්‍ය බෞද්ධ ස්තුප කලාවේ සුවිශේෂිත වූ ස්මාරකයකි.
When you start climbing steps after museum, and have completed first flight, the entrance to main site is straight ahead; but I'm right side another flight of steps leads to Kantaka Chetiya. Many tourist miss it; but it is worth visiting as you get good views from top plus architecture and brick ornamental decoration on structure is amazing.
Ancient Buddhist Sthupa located in mihinthale. Out of the four Vahalkadas [ frontis pieces ] elaborately sculptured with dwarfs in different actions and animals. Those paintings still remaining.
කෞතුකාගාරය ඉදිරිපස කාමර ගණනාවකින් යුත් පැරණි රෝහලක නටබුන් දැකිය හැකිය. බෙහෙත් ඔරුවක්, උණුවතුර ස්නානය කිරීම සඳහා පිළියෙළ කළ ස්ථානයක් අදද මෙහිදක්නට ලැබේ. මෙහි කැනීම් වලදී ශල්‍ය උපකරණ, පර්සියානු තඹ භාජන ආදිය හමුවී ඇත. 10 වන සියවසේ දෙවන සේන රජතුමාගේ කාලයේ ඉදිකරන ලද බවට සැලකෙන මෙය ලෝකයේ පැරණිතම සංවිධිත රෝහල් සංකීර්ණය බව පුරාවිද්‍යඥයන්ගේ අදහසයි.
මිහින්තලා කන්ද මඳ දුරක් නගින විට කුඩා කඳු ගැටයක් මත බෞද්ධ සිද්ධස්ථාන අතර ඉතා සැලකිය යුතු පුරාවිද්‍යා ස්මාරකයක් වන කණ්ටක චේතිය හමුවේ. පාදමේ වට ප්‍රමාණය අඩි 425 ක් පමණ හා දැනට ශේෂව ඇති උස අඩි 40 ක් පමණ වන, ගඩොල් හා හුණුගල් වලින් නිමවා ඇති මේ චෛත්‍යය කුමන රජකෙනෙකුන් විසින් ඉදිකරන ලද්දේදැයි අවිනිශ්චිත වන අතර එය කි. පු. පළමුවන සියවසට පෙර ඉදිකරන ලද්දක් බවට විශ්වාස කෙරේ. ලජ්ජතිස්ස රජු මෙම සෑයට ගල් කඤ්චුකයක් තැනවූ බව මහාවංශයේ සඳහන්ව ඇත. මේ දාගැබේ සිව් දිසාවට වූ වාහල්කඩ හතරෙන් දෙකක් හොඳින් ආරක්ෂා වී ඇත.
මේ වාහල්කඩ වාමන, හංස, ඇත් ආදී ඉතා කලාත්මක කැටයම් වලින් අලංකාරවී තිබේ. වාහල්කඩේ ගල් කණුවලද ලියකම්, සත්ව රූප, මිනිස් රූප ආදිය කැටයම් කොට ඇත. මේ කැටයම් හුනුගල්වල නෙලා ඇති බැවින් මේ වන විට කැටයම් ගෙවී ගොස් ඇති බව පෙනේ. සිව් දිසාවේ ගල් කණු මත ඇත්, සිංහ, අශ්ව හා ගොන් මුර්ති පිහිටුවා ඇත. ලංකාවේ බෞද්ධ වාස්තු විද්‍යා නිර්මාණ හදාරන්නන්ට මේ වාහල්කඩ ඉතා හොඳ නිදර්ශනයකි.
මිහින්තලේ ඇති පැරණිතම ස්මාරක වන්නේ කණ්ටක චේතිය වටා කඳු බැවුමේ ඇති අට සැට ලෙන්ය. භික්ෂුන් වහන්සේලාගේ වාසය පිණිස දේවානම් පිය තිස්ස රජුගේ නියමයෙන් රජ පවුලේ සාමාජිකයන්ගේද අනුග්‍රහයෙන් මේවා කටාරම් කොටා නිමකොට ඇත.
මේ ලෙන් වල බ්‍රාහ්මීය අකුරින් ලියා ඇති වගන්ති වලින් රජපවුලේ අයගේ, ප්‍රාන්ත ප්‍රභූන්ගේ තොරතුරු හා සිංහල අක්ෂර මාලාවේ සහ භාෂාවේ ආරම්භක අවස්ථාව ගැන තොරතුරු අනාවරණය වේ.
It is stated that king suratissa may have built this stupa.the pesavalalu and the frontispiece have been preserved to a great extent.
One of the best architectural structure. වාහල්කඩ is most amazingly built structure in whole sri lanka.
කණඨක චේතිය
මෙය සුරතිස්ස රජතුමා විසින් කරවන්නට ඇති බව විශ්වාස කෙරේ. එහි පේසාවළලු සහ ඉදිරි කොටස සෑහෙන තරම් තවමත් ඉතිරිව පවතී. එය බහිරව රූප හා ඇත් රූප වලින් අලංකාරව ඇත. ස්ථූපය අඩි 425.5 යුක්තය. එහි අඩි 40 ක් පමණ උස් වූ ස්ථූපයක නටඹුන් දැකිය හැක. භික්ෂුන් වහන්සේලා මෙම ස්ථූපයට ආසන්නයේ ඇති ගල් ගුහා වල වෙසෙන්නට ඇත. මෙම ස්ථූපය කරවා ඇත්තේ “ලජ්ජිතිස්ස” රජතුමා විසින් බැවින් එය අයත් වන්නේ පලමු බුද්ධ ශතවර්ශයටය බව සැකයක් නැත.